අද හොඳ දවසක් !

අද උදේ මගේ ඉස්සරහින් ගිය ත්‍රීවීල් එකේ, බොහොම සරල, නමුත් බොහොම ගැඹුරු අදහසක් සඳහන් ව තිබුණා. හිමීට එයාගෙ පස්සෙන් Drive කරන ගමන් නුහුරට ගහපු photo එක හොඳටම වැදිලා නැතත්, තේරුම් ගන්න පුළුවන් විදියට තියනවා…. ‍

“අද හොඳ දවසක්.”


වර්තමාන මොහොත මත ප්‍රකෘති මනැස පවත්වාගැනීම (Present Moment Consciousness) සහ, අපට ජීවිතේ ලැබී ඇති, දේවල් වෙනස් කරනවා නම්, කල හැකි එකම තැන වූ “අද දිනය” (Today), නොහොත් “මේ දිනය” (this Day) –

සියල්ල වෙනස් කළ හැකි, වෙනස් කළ යුතු සියල්ලේම මූලාරම්භය වන එකම ස්ථානය බව මතක තබා ගන්න.

ඉවර වෙලා ගිය අතීතයේ කිසිවක් කල නොහැක.

එන්න තියන අනාගතය කෙසේ ඒවිද, සහ සුපිරියටම එයින් ප්‍රයෝජනයක් ගත හැකි ලෙස අපි ඉඳීවිද කවුරුත් නොදනී….

එබැවින් වෙනසක් කල හැක්කේ මේ ජීවිත් වන, ප්‍රකෘතිමත් මේ මොහොතේ, මේ දිනයේ, බවත්, මේ මොහොතේ අපි කරන්න අවශ්‍ය වෙනස මනසින් නොදැක, අනාගතයේ දි සියල්ල වෙනස් කළ නොහැකි බවත්, අතීතයේ මොනවා වුණත් සැබැවින් අනාගතය වෙනස් වන්නේ වර්තමානය හසුරවන ආකාරය අනුව බවත්, මතකයේ තබා ගෙන, කටයුතු කරමු 🙏🏽

ජයෙන් ජය!

ෂෙහාන් පීරිස්
මනෝ උපදේශක / පෞර්ෂත්ව සහ සන්නිවේදනය පිළිබඳ පුහුණුකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *