තනිව නැගී සිටීම

මේ කතාව කියවන්න. මේ මොහොතේ ඔබේත් මගෙත් කතාව !

(මේ අත්දැකීම ලද කෙනා ගේ video එක පහළ දැක්වේ)

අපි දවසක් ලෙක්චර් එකට යද්දී ප්‍රොෆෙසර් පන්තියේ සියලු පුටු මේස රවුමක් ආකාරයෙන් හදලා තිබ්බා.

“ඇවිදින් ඉඳගන්න කතා කරන්න එපා. ප්‍රශ්න අහන්න එපා ගිහින් ඉඳගන්න !”

ඔහු ඉතා දැඩි හඬින් කිව්වා.

අපිට ඔහුගේ මේ හැසිරීම දැඩි ආතතියක් ගෙන ආවා. මොකද ඔහු මීට කලින් මෙහෙම කතා කරලා හෝ සැර වැර වී නෑ අපිට

අපි එහෙම ඉඳගත්තාම දැක්කේ රවුම මැද්දේ වීදුරු භාජනයක ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ මාලුවෙක් හිටිය බව

හැමෝම ඉඳගත්තාම ඔහු ඇවිත් කිව්වා.

“මෙතැන් පටන් ඔබලාට එකිනෙකා සමග කතා කිරීම ප්‍රශ්න ඇසීම පුටුවෙන් නැගිටීම තහනම් එසේ කළොත් මේ කෝස් එක ෆේල් වෙනවා. ඉවත් කරනවා. මොනම හේතුවකටවත් නැගිටීම කතා කිරීම බැහැර යාම තහනම්. මේක පරීක්ෂණයක් ! එනිසා ෆේල් වෙන්න හදන්න එපා “

එහෙම කියලා ඔහු අර බඳුනේ හිටිය මාළුවාව ඉන් පිටතට අරගෙන මේසය මත දමලා කාමරෙන් පිටවුනා දොරත් වහගෙන

අපි සේරම තුෂ්නිම්භූත වුනා. ඒ මොහොත මට විස්තර කරගන්න පවා අපහසුයි. කොහොමද අපි අර අසරණ මාළුවා පණ ගැහි ගැහී මේසය මත දඟලනවා බලන් ඉන්නේ. හැමෝටම ඕනෙ වුණා කතා කරන්න . ඒත් අපිට තහනම්

හැමෝටම ඕනෙ වුණා ක්‍රියාත්මක වෙන්න ඒත් අපි හැමෝම තුළ අපේ කෝස් එක ෆේල් වෙන්න ඇති අකමැත්ත, අහිමි වීම, බරපතල කරදරයක් අපට සිදුවීම කියන මේ හේතු නිසා ඉදිරිපත්වෙන බය වුණා.

මහත් වූ කලබලයක්, මානසික ආතතියක් හටගත්තා. හැමෝගෙම මූණු වලින් එය පෙනුනා…හැමෝම කතා කරගන්න බැරුව, ක්‍රියාත්මක වෙන්න බැරුව අසරණ මාළුවා දෙස බලමින් දත් මිටි කමින් කඳුළු පෙරමින් හිටිය. අපි ඔක්කොටම ඕනෑ වුණා ක්‍රියාත්මක වෙන්න ඒත් ඒ මූලිකයා වෙන්න තනියම බෙල්ල දෙන්න අපහසුවක් තිබුණා. අපි හැමෝම එකිනෙකා දිහා බල බලා හිටියා කවුරු හරි ක්‍රියාත්මක වෙනකම්. මොහොතකට පසු එක් ගැහැණු ළමයෙක් නැගිට්ටා.

“කමක් නෑ ඕනේ එකක් වුණාවේ මට බෑ තවත් ඉවසන් ඉන්න”

ඇය ගිහින් මාළුවා නැවත භාජනයට දැම්මා

එවිටම අපේ ගුරුවරයා නැවත පැමිණියා.

එදා අපි ජීවිතේ විශිෂ්ටම පාඩමක් ඉගෙන ගත්තා. ආයේ මම කිසිම දවසක සමාජ අසාධාරණය හෝ අදමිටු කම්, අකටයුතුකම් දැක්ක තැන තවකෙනෙක් ඒ වෙනුවෙන් නැගිටිනකම් ඉන්නෙ නැතිව මගේ විරෝදතාවය පෙන්වනවා. ඒ ගැන කටයුතු කරනවා. මට ඒක තනියම කරන්න වුණත් මම ඒක කරනවා. මොකද මම ඒ ආතතිය හොඳින්ම වින්දා !

මේකට කියනවා මනෝවිද්‍යාවේ bystander effect කියලා. හොයාගෙන කියවන්න.

මෙන්න ඒ සැබෑ අත් දැකීම ලද සිසුවියගේ වීඩියෝ පැහැදිලි කිරීම,

https://fb.watch/j9kTjpMb_c/

වෛද්‍ය බෝධිනී සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *