මහගම සේකර කවියාණන් ගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ ඇති “මගෙ කවියෙන් මා නොසොයන්” යන කවියයි මේ.
“මගෙ කවියෙන් මා නොසොයන්” – මහගම සේකර
අඳුරු අහස් ගැබ කෙළවර
මහගම සේකර – සක්වා ලිහිණි
රන් වන් පැහැයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒගැන දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට
ඒ ගමනේ මට හමුවන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වගේම ඔබ හැමටත්
යම් දවසෙක හමුවනු ඇත
මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟදැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගතහොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත
ඒ මල් තුල මා දකින්න…
අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මාද දකින්න.. යනුවෙන් නිරපේක්ෂ සිතුවිල්ලක් එක්කරන මේ කවියම කවියා මානුෂීය බවින්, සමාජයේ අන් අයට ඉහළින් ඔසවා තබන බවයි මට සිතෙන්නේ…
අපි සිදු කළ යුත්තේද, එයයි… අනුන් අපට කලියෙන් විශිෂ්ඨත්වය සාක්ෂාත් කරගන්නේ නම් ඒ වෙනුවෙන් පැසසුම් එක් කරන්නට තරම් අප නිහතමානී විය යුතුය.
දැන් දකින අරගල තුළ තමන්ට ඉහළින් බාල පරම්පරාවට යන්නට නොදීම සහ එකිනෙකා බිම හෙලාගන්නා මිනිසුන් දැක මේ කතාව මතක් වුණා.
වෛද්‍ය බෝධිනී සමරතුංග
