ඔබේ දරුවා W sitting ද ?

ඩබ්ලිව් අකුරක ආකාරයට ඉඳ ගන්නවා ද

අපි කොච්චර වෛද්‍ය ශිෂ්‍ය කාලේ පොත් වනපොත් කළත් හරියටම දේවල් ඔළුවට යන්නේ සායනික වට වලදී. අපට උගැන්වූ අපේ මහාචාර්යවරිය වාට්ටුව පුරා යනකොට මේ ආකාරයට ඉඳන් ඉන්න ළමයින්ගේ කකුල් හරියට තියලා වෙනස් කරනවා ඒ කියන්නේ එරමිණියා හෝ දණහිස් ඇතුල් පැත්තට නැවෙන්න ඉන්දවන්න කියනවා. අම්මලාට කියලත් දෙනවා, මෙහෙම දැක්කොත් ඉඳන් ඉන්නවා වෙනස් කරන්න කියලා.

මම පශ්චාත් සීමාවාසික අවසන් කරලා වෛද්‍යවරියක ලෙස ළමා වාට්ටුවට ආවම වැඩ කරන්න, ඒ සායන වටයේ දිත් අපේ විශේෂඥ වෛද්‍ය තුමිය මේ ආකාරයට ඉඳන් ඉන්න ළමයින්ව හරියට කකුල් හදලා ඉන්දවලා අම්මලාට කියලා දෙනවා හේතු.

මුහුණු පොතේ මිතුරියන් දමන පින්තූරවල හරි හරියට මේ වගේ පැංචියෝ පැංචෝ දකින නිසා පොදුවේ ලියන්න හිතුවා.

මම සමහරුන් ට පුද්ගලිකව කියලා තියනවා “,හැම තිස්සෙම නෑ අක්කේ” කිව්වට මම දකින දකින පින්තූරේ එයාලා මෙහෙම ටීවි ඉස්සරහ ඉඳන් ඉන්නවා පේනවා. එහෙම ඉඳ ගන්න එක විශේෂ හැකියාවක් ලෙස එක මවක් සිතාගෙන හිටියා. තවත් කෙනෙක් ඒ විදිහ ලස්සනයි කීවා. බොහෝ දෙනා මේ ගැන දැනගෙන හිටියේ නෑ කියා ස්තුති කළා දැනුවත් කිරීම ගැන. ඉතින් සටහනේ මුල මම ලියූ ලෙස විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක්ම අපිට පෙන්වා කියා දුන්නු විදිහට මේ කියන්නේ ඔයාලගේම හොඳට මිසක් මට අත් වෙන ප්‍රතිලාභයක් නම් නැත. මගේ දරුවා මෙහෙම ඉඳගෙන හිටිය දුටු ගමන් වෙනස් කළ නිසා පුරුද්දට ගියේ නෑ. මේ තත්තවය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන සාකච්ජා කරන පත්‍රිකා මෙන්ම ඒ සංකුලතා සමහරක් ඇති නොවේ කියා බැහැර කරන පත්‍රිකා ද හමුවෙනවා.

මේක ගොඩක් ළමයි සාමාන්‍යයෙන් ලේසියට වාඩි වෙන විදිහක් හැබැයි දිගු වේලාවක් මෙහෙම ඉඳන් ඉන්නකොට ප්‍රශ්න ඇතිවෙනවා ඒ කියන්නේ දරුවාගේ ශාරිරික ඉරියව්, ඇවිදීමේ සහ ධාවන හැකියාවන්ට දිගු කාලීනව අහිතකර බලපෑම් ඇති කළ හැකි බව බොහෝ දෙමාපියන් දන්නේ නෑ

මම ඒ ගැන සරලව ලියා තිබූ https://pathways.org/what-is-w-sitting/ හි කරුණු පරිවර්තනය කර පල කළා.

Hip dislocation උකුල විස්ථාපනය – දරුවාට උකුල් ආබාධ තිබේ (උපතේ සිට තිබූ අයට ද) නම්, W ඉරියව්වෙන් හිඳීමෙන් උකුල් සහ සන්ධිවලට පීඩනයක් ඇති විය හැකි අතර විස්ථාපනය වීමේ සම්භාවිතාව වැඩි වේ.

Limited trunk core strength කඳ සහ සමස්ත ශරීරයේ ශක්තිය හීන වීම – W ලෙස වාඩි වී සිටින විට ඉරියව්ව ශරීරය කෙළින් තබා ගැනීමට අමතර ශක්තියක් වැය නොවන නිසා ඔවුන්ගේ මූලික මාංශ පේශි භාවිතා කිරීමට අවශ්‍ය නොවන අතර ඒ මාංශ පේශි වර්ධනය අඩු වේ ශක්තිය අඩුවේ. අනෙක් වාඩිවෙන ඉරියව්ව දී එසේ නොවේ සියලු කඳ මාංශපේශී ශක්තිය අවශ්‍ය නිසා ඒවා පාවිච්චි වේ එවිට වර්ධනය ශක්තිය ඇති වේ

Lack of cross movements – හරස් ශරීර චලනයන් නොමැතිකම – W පිහිටුම දරුවන්ට ඔවුන්ගේ උඩුකය කරකැවීම සහ එක් අතකින් හෝ අත් දෙකකින් දෙපැත්තට ළඟා වීමට අපහසු කරයි. ඉතින් මේ ඉරියව්වෙන් ඉඳ ගෙන ක්‍රියා කාරකම් කරද්දී දරුවාගේ චලනයන් සීමා වේ

No hand preference . මේ කියන්නේ අත් දෙකෙන් වඩා ප්‍රබල තෝරාගැනීමක් සිදුවෙන්නෙ නෑ කියලා – W- වාඩි වී සිටින ස්ථානයක, දරුවාට ඕනෑවට වඩා කඳ පාලනයක් සහ ස්ථාවරත්වයක් ඇත. කාර්යයන් ඉටු කිරීම සඳහා ඕනෑම අතක් භාවිතා කිරීම ඉතා පහසුය. එහෙත් ප්‍රමුඛ අතක් අපට තිබේ… ලිවීමේ හැකියාව සඳහා අත් ප්‍රමුඛතාවය වර්ධනය කිරීම වැදගත් වේ.

මාංශ පේශි තද බව වැඩි වීම – දරුවා මාංශපේශී තද භාවයට හෝ හයිපර්ටෝනියා යන තත්ත්වය කෙරෙහි ප්‍රවණතාවක් ඇත්නම්, W ඉරියව්වෙන් හිඳීමෙන් උකුල්, දණහිස් සහ වළලුකරවල තද ගතිය වැඩි වේ.

වෙනස් කර ඉන්දවද්දි දරුවාට නොතේරෙන ආකාරයට කතා කර කර ඔසවා හරි විදිහට ඉන්දවන්න. කලබල කර මනසට පීඩා ගෙන එන ලෙස කරන්න යන්න එපා. තේරෙන දරුවෙක් නම් පහදා දෙන්නා

මේ වීඩියෝ ඒක බලන්න

වෛද්‍ය බෝධිනි සමරතුංග

පින්තූරය ගත්තේ https://www.gymbaroo.com.au/…/w-sitting-and-what-to-do…/

වැඩි දුර කියවීම සඳහා වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යන ( ඒ ගැනත් එකතු කරන්න කියූ වෛද්‍ය අරුණ ප්‍රසාන් වෙත ස්තූතියි).

2022 – https://doi.org/10.1589/rika.30.429 මේ අධ්‍යනය පෙන්වා දෙනවා සිදුවිය හැකි අතුරු ආබාධ

2020 දී https://doi.org/10.1177/0009922820940810 මේ අධ්‍යනය කියනවා උකුල ආශ්‍රිත ආබාධ (dysplasia ) සුලබව හමු නොවේ කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *