හෘදයාබාධ ඇතිවීම Covid වැක්සින් නිසා ද?

ඇහුවොත් ලංකාවේ බොහෝ දෙනෙක් පවසන්නේ තමන්ට ඇතිවන ආබාධ සියල්ල කොවිඩ් සඳහා දුන් එන්නත නිසා බවය.

දැන් දැන් හෘදයාබාධ ගැන වැඩියෙන් කතා කරන නමුදු දැන් වසර ගණනාවක සිට ලෝකයේ වැඩිම මරණ සිදුවෙන්නෙ එක් හේතුවක් ලෙස හෘද ආශ්‍රිත රෝගාබාධ බව පර්යේශන සහ දත්ත මගින් පැහැදිලි කර ඇත.

දිගු කාලයක් තිස්සේ පැවතගෙන එන අහිතකර ආහාර රටාව සහ ව්‍යායාම් නොමැති කම. ඉඳගෙන හෝ එක තැනක ඉඳන් වැඩ කරන වේලාව වැඩි වීම වැනි දේ හෘදයාබාධ වැනි බෝ නොවන රෝග කෙරෙහි ප්‍රශ්න ලෙස බලපාන බව ගොඩක් දුරට ඔප්පු කරන ලද සාධක මත පදනම් වූ පර්යේෂණ වලදී නිරීක්ෂණය කර තිබෙනවා. ඒවගේම මෑතක සිට ඇති මත්ද්‍රව්‍ය ගැනීමේ ප්‍රවණතා වැඩි වීමද මේ සඳහා හේතුවිය හැකියි.

කොත්තු රයිස් ක්ෂණික නූඩ්ල්ස් ක්ෂණික ආහාර.. අහිතකර මේදය ( නිතර බැදෙන තෙල්, අහිතකර තෙල්) සහිත ආහාර මේ ආකාරයේ ඒවා වැහි වැහැලා නේද ? හවසට පිෂ්ටය… චුන් පාන් එනකම් කොයිතරම් බලා ඉන්නවාද.

ව්‍යායාම් කරන එක අපේ වගේ රටවල පුරුද්දක් නොවේ. එනිසා මෙවැනි දේ ඇසීම පුදුමයක් නොවේ මට නම්.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ සෞඛ්‍යයට හිතකර බලපෑමක් කරන්න නම් වැඩිහිටි අයෙක් සතියකට මිනිත්තු 150 හෝ වැඩියෙන් මධ්‍යම තීව්‍රතාව කින් යුතු ව්‍යායාම වල යෙදෙන්න ඕනේ කියලා. මිනිත්තු 75ක් හෝ වැඩියෙන් අධි තිඊව්‍රතාවය කින් යුතු ව්‍යායාම වල යෙදෙන්න ඕනේ කියලා.

  • මොනවද මේ මධ්‍යම (moderate) , අධි (vigorous) ව්‍යායාම් කියන්නේ ….

මධ්‍යම-තීව්‍රතාවයෙන් යුත් (aerobic )ශාරීරික ක්‍රියාකාරකම් යන්නෙන් අදහස් වන්නේ ඔබ ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි කිරීමට සහ දහඩිය දැමීම සඳහා ප්‍රමාණවත් වෙහෙසක් ඇති ව්‍යායාම. ඔබ කරන දේ මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් aerobic ක්‍රියාකාරකමක් දැයි පැවසීමට එක් ක්‍රමයක් නම්, ඔබට කතා කිරීමට හැකි නමුත් ඔබේ ප්‍රියතම ගීතය ගැයිමට නොහැකි වන ඒවා. මධ්‍යම තීව්‍රතාවයෙන් යුත් aerobic ක්‍රියාකාරකම් සඳහා උදාහරණ: වේගවත් ඇවිදීම (අවම වශයෙන් පැයට සැතපුම් 2.5) ජල පිහිනුම් ව්‍යායාම. නැටුම් (බෝල්රූම් හෝ වෙනත්) ගෙවතු වගාව ආදියයි.

ඒවගේම ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා සතියකට අධි තීව්‍රතාවය සහිත ක්‍රියාකාරකම් වල මිනිත්තු 75 වැඩියෙන් යෙදිය යුතු බව. ඒ කියන්නේ ජොගින් හෝ දිවීම, පිහිනුම්, වේගයෙන් හෝ කඳුකරයේ බයිසිකලයක් පැදීම, ටෙනිස් හෝ පැසිපන්දු වැනි ක්‍රීඩා.

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කිව්වාලු. මේ ලියන මමත් හැකි සෑම විටම ව්‍යායාම කරන්නට උත්සාහ කරන්නේ පසුගිය දශකයක කාලය තුළ අහිතකර ආහාර මෙන්ම එක තැන රැඳී වැඩ කළ කාල බොහොම තිබුණ නිසා.

කාලයක් ලංකාවේ සෞඛ්‍ය සේවා ස්ථානයේ zumba නර්තන පන්ති පැවැත්වූවා ඒ ගැන දැනුවත් හිතවත් වෛද්‍යවරුන් දෙපලක් විසින්. ඒ කාලයේ සැලකියයුතු වෙනසක් දැනුනා එනමුත් මාස හතරක් වැනි සුළු කාලයකට පසුව කොවීඩ් ආගමනය සමග සුම්බා පන්තිය නැවතුනා.

මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනයේදි මේ ගැන තවත් කතා බහ කරනවා. ඒ, බෝ නොවන රෝග (හෘද රෝග දියවැඩියාව අධි රුධිර පීඩනය සමහර පිලිකා වර්ග) ඇතිවීමේ අවදානම අඩු කිරීමට මෙන්ම අධික ස්ථුලතාවය වැලැක්වීමට ව්‍යායාම් කිරීම බොහෝ සෙයින් වැදගත් බව පර්යේෂණ මගින් ඔප්පු කර තිබෙනවා

වෛද්‍ය බෝධීනි සමරතුංග

(ලියූ දේ කොපි නොකර මේ පෝස්ට් ලින්ක් එක ශෙයා කරගන්න ඔබට හැකියි)

Image – Physical activity recommendations from WHO physical activity guideline 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *